අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු.194 ඉක්මවා යයි

December 24, 2020 at 4:18 PM

2020 අප්‍රේල් 30 වෙනි දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වාර්තා කරමින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 194.66ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 189.08 ලෙසින් සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ අනුරූපිත එතැන් අනුපාතිකය (SPOT Exchange Rate) 2020 මැයි 05 දිනෙන් පසු මුල් වරට රු. 190 සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුණේ රු. 190.21 වශයෙනි.