කතරගම, ගාමිණීපුර ප්රදේශයේදී ගේට්ටුවක් සිරුරට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ අවුරුදු 70ක් පමණ වන අයෙක්.
ඔහු එම ස්ථානයේ පූජකවරයෙකු ළග සේවය කරමින් සිට ඇති අතර අද උදෑසන ගේට්ටුව වැසීමට යාමේදී එය කඩාවැටී තිබෙනවා. මෙම සිද්ධිය එහි සවිකර තිබූ කැමරාවල ද සටහන් වී තිබුනා.
මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.