ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ

December 15, 2020 at 2:39 PM

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරෙන් ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.