කොළඹ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 397 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,107ක් දක්වා ඉහළ ගොස් ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී 136ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් සහ යාපනය දිස්ත්‍රික්කයන් 36ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊයේ දිනය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 760ක් සහ මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.