ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි දරුවෙකු එම ලණුවට ගෙල සිර විමෙන් අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවුරුදු 08ක් වයසැති පාසල් සිසුවෙක්.
සිය නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට ගොස් ඇති මෙම දරුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටියදී එම ලණුව ගෙලේ සිරවි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක ඒ පිලිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ඇත. පසුව කම්කරුවන් පැමිණ දරුවා ඉන් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගෙස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.