දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතයින් ගණන 25,000 ඉක්මවයි : අදත් ආසාදිතයින් 703ක් සහ මරණ 02ක්

December 7, 2020 at 9:39 PM

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 703 දෙනෙකු සහ මරණ 02ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් 466ක් සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 237ක් අද දිනයේදී හඳුනා ගනු ලැබූ ආසාදිතයින් අතර වනවා.

මේ අතර අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 142ක් වනවා.

අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28,580ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7,634ක් වනවා. සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 20,804ක්.

අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගතවූ දින 65ක කාලය තුලදී වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 25,025ක් වනවා.