ශිෂ්‍යත්වය සමත් සිසුන්ට නව පාසැල් සඳහා ඉල්ලුම් කිරිමට දෙසැම්බර් 10 දක්වා අවසර

December 5, 2020 at 11:17 AM

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රථිපල මත 06 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා මෙම මස 10 වෙනිදාට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

පසුගියදා පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා නව පාසැල් ලබාදීමට මෙලෙස අයදුම්පත් කැඳවනු ලබනවා.

මිට අදාළ සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබා ගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර, එම අයදුම්පත් මෙම මස 10 වෙනිදාට ප්‍රථම නිවැරදිව සම්පුර්ණ කොට දරුවන් ශිෂ්‍යත්වයට පෙනී සිටි පාසැලේ විදුහල්පතිවරයාට භාරදිය යුතුය.

මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය මත වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසැල් වෙත ගෙන්වා ගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ කලාප කාර්යාල නිල්ධාරින්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.