ඊයේ ආසාදිතයින් 503න් වැඩිම කොළඹින්. කොළඹ ආසාදිතයින් අඩුවන ලකුණු.මහනුවරින් වැඩි පිරිසක්

December 1, 2020 at 7:56 AM

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 503දෙනාගෙන් 147ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 150ට වඩා අඩුවීම විශේෂත්වයකි .

ගම්පහින් 130ක් හා කළුතරින් 28කි.

කොළඹ ,ගම්පහ හැර වැඩිම ප්‍රමාණයක් මහනුවරින් වාර්තා වේ. එම සංඛ්‍යාව 41කි.

ප්‍රදේශය මෙතෙක් වාර්තා නොවූ ආසාදිතයින් 36ක් ද වන අතර ඔවුන් අතර මහර බන්ධනාගාරයේ නොසන්සුන් තාව හේතුවෙන් රෝහල්ගතකල පිරිසද අයත් වේ.