තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍යප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා යවා ඇත.
ඒ තමන් පොලිස් මාධ්‍යප්‍රකාශක ලෙස කටයුතු කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන නිසා බව ඔහු ලිඛිතව දන්වා යවා ඇත.
අධිකරණ අමාත්‍යවරයාගේ උප්දෙස් මත අමාත්‍යංශ ලේකම් විසින් මෙම කමිටුව ඊයේ පත්කලේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් ය.
ඊට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සාමාජිකයෙකු ලෙස පත්කර තිබිණි .