ක්‍රිකට් තරගය මැද ගෙනා විවාහ යෝජනාව (VIDEO)

November 29, 2020 at 6:56 PM

සංචාරක ඉන්දීය සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවති දෙවන එක්දින තරගය අද සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම තරඟය ලකුණු 51කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

අද මෙම තරගය පැවති අවස්ථාවේදී ක්‍රීඩාගාරයේ සිදුවූ විශේෂ සිදුවීමක් කැමරා කාචයේ සටහන් වුණා.

ඒ තරගය නැරඹිමට පැමිණි සිටි ඉන්දීය ජාතික තරුණයෙක් විසින් සිය ඔස්ට්‍රේලියානු ජාතික පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙනා අයුරු පිටියේ විශාල තිරමත දිස්වුවා.

පිටියේ පන්දු රකිමින් සිටි ග්ලෙන් මැක්ස්වෙල් අත්පොලොසන් දෙමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර සිටියා.

මේ එම අවස්ථාවයි.