හෝමාගම මීගොඩ, දාම්පේ බේරුකැටිය මාවත මෙම තාක්ෂණය ක්‍රමවේදය ප්‍රථම වරට භාවිතා කරමින් සංවර්ධනය කිරීම අරඹා ඇත.
මෙම මිශ්‍රණය භාවිතයේ විශේෂත්වය වන්නේ, පරිසරයට විශාල තර්ජනයක් වන ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් එම ප්ලාස්ටික්, තාක්ෂණික ක්‍රියාවලියකට ලක්කර, තාර අඩු ප්‍රතිශතයක් එකතු කරමින් නිපදවන “ඇස්ෆෝල්ට් තාර” මාර්ග කාපට් කිරීම සඳහා එක්කර තිබීමයි.
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මගපෙන්වීම අනුව AGC Innovate පුද්ගලික සමාගම විසින් නිපදවා ඇති නව නිෂ්පාදනය භාවිතා කිරීමේ ව්‍යාපෘතිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්ක්‍රියාවට නංවයි.