IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමටගොඩ ප්‍රදේශයේ 22හැවිරිදි තරුණයෙකුද ඊයේ රාත්‍රියේ රෝහලෙන් පළායාමට උත්සහ කර ඇත.
කෙසේ වෙතත් ඔහු ග්‍රහණයට ගෙන වෙනත් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස පලායාමට උත්සහ කරන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව යම් ආසාදිතයෙකු රෝහල් ගත කිරීමේදී ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු නම් ඒ පිලිබඳව විශේශයෙන් සඳහන් කරන ලෙස දැනුවත් කිරීම වැදගත් බවද ඔහු පවසයි.
ඒ අනුව ඔවුන් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ඇති.
මීට පෙරද අවස්ථා කීපයකදී ආසාදිතයින් රෝහල් වලින් පළාගිය අතර ඔවුන් සියල්ලන්ම පාහේ මත් ලෝලීන් බවට තොරතුරු වාර්තා වී තිබිණි.