එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය රනිල් වික්‍රමසිංහට ?

November 23, 2020 at 8:57 AM

එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ,මන්ත්‍රීධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබනෙවා. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසුවේ මේ සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගනු ලබන බවයි.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ඉඩකඩ වැඩි බවයි.