බෙංගාලබොක්කේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි

November 21, 2020 at 7:04 PM

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය අද උදෑසන වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

එම අඩු පීඩන කලාපය ඉදිරි පැය 24-48 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය බස්නාහිර – වයඹ දෙසට ගමන් කරනු ඇති බවත් නොවැම්බර් 24 දින දිවයිනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.