පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට සහ ඉන් පැන ගොස් මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඉකුත් 18 වෙනිදා අලුයම රැඳවියන් 5 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කළ අතර එහිදී බන්ධානාගර ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
ඉන් තවත් රැඳවියෙකු පළා ගිය අතර පසුව ඔහු මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව එම රැඳවියා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබුණා.