බෝගම්බරින් පැන්න රැඳවියා අල්ලයි

November 18, 2020 at 3:29 PM

බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය වෙමින් සිටියදී පළා ගිය රැඳවියා අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව දින දාහතරක් නිරෝධායනය ට යොමුකළ බව පොලීසිය පවසයි.

අද පෙරවරුවේ එම ගොඩනැහිල්ලෙන් පස් දෙනෙකු පළා යාමේදී එක් අයෙකු වෙඩි ප්‍රහාරයකින් මියගියේය. අයෙකු පළාගිය අතර තිදෙනෙකු ඒ මොහොතේම අල්ලාගන්නා ලදී.