හිටපු ධීවර ඇමති අමු මාළු කා පෙන්වයි.

November 17, 2020 at 12:15 PM

හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියේ ය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිලදී ගැනීම බව ඔහු පෙන්වා දුනි.

මාළු කූරි දෙදෙනෙක් බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම කා පෙන් වීය.

ඒවා අලුත් මාළු බවද ඔහු පැවසීය .