“කඳුලු සලන්න ඉඩ නොතබන්න ” කියූ පෝල් නික්ම යයි

November 16, 2020 at 6:22 PM

මෙරට බයිලා ගීත ලොවේ අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ පෝල් ප්‍රනාන්දු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත් විය.
මිය යන විට ඔහු 68වැනි වියේ පසුවිය.

ආවේ වන බමරෙක් වාගේ..
ගොලු හදවත විවර කරන්න..

වැනි ගී අදටත් මෙරට රසික ප්‍රජාව වැළඳගත් ඔහුගේ නිර්මාණ අතර වේ.
පෝල් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු පිලිබඳ ව පසුව දැනුම් දීමට නියමිතයි .