මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මහමඟ මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.
මේවා බොහොමයක් පළකර ඇත්තේ ඒවා කොවිඩ් ආසාදිත මරණ බවට සැක පළ කරමිනුයි.
ඊයේ පානදුර ,මහනුවර ආදී ප්‍රදේශවලින් මේ සිදුවීම් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.
ඔහු පවසන්නේ මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන තුරු එම මරණ කොවිඩ් මරණ බවට පූර්ව නිගමනයකට එළඹිය නොහැකි බවයි.
එලෙස මිය ගිය අයට වෙනත් රෝග පැවතිය හැකි බවද ඔහු සඳහන් කළා.