ශ්‍රී ලංකන් ගොඩ ගන්න ප්‍රාග්ධන සවියක්. නොගෙවූ ඖෂධ බිල් ගෙවන්න රු මිලියන 20,000ක් .

November 12, 2020 at 11:52 AM

කොරෝනා වෛරසය කළමණාකරණයට රජය රුපියල් මිලියන 70,000ක් වැයකර ඇති බව අද 2020විසර්ජන පනතේ දෙවැනි වර කියවීමේ විවාදය අරඹමින් අග්‍රාමාත්‍ය වරයා පැවසීය.

 

 

මීට අමතරව ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් වෙනුවෙන් මධ්‍ය කාලීන ප්‍රාග්ධනය යෙදවීමටද රජය සැලසුම් කර ඇතිබව අද පාර්ලිමේන්තුවට හෙලි කෙරිණ.

මේ මෙවර විසර්ජන පනත් කෙටුම්පත සඳහා ඇලුතින් එක්කළ සංශෝධන යි.
ඒ යටතේ ඖෂධ මිලදී ගැනීම ට අදාල බිල්පත් පියවීමට රුපියල් මිලියන 20,000ක් අමතරව වෙන් කර ඇත.