PCR පරීක්ෂණ සඳහා දිනකට රු. මිලියන 60ක වියදමක්.

November 10, 2020 at 2:43 PM

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් රජය දිනකට රුපියල් මිලියන 60ක් වැය කරන බව ඊයේ පැවැති කොවිඩ් පාලනය සඳහා වන ජනාධිපති කාර්‍ය සාධක බලකායේ රැස්වීමේදී හෙළි විය.
මේ අතර ඊයේ PCR පරීක්ෂණ 7986 ක් සිදුකර ඇති අතර මෙරට තුළ සිදුකල සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 610,836කි.