මහනුවර පරණ බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කොට සිටි රැඳවියන් 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා. මෙම බන්ධනාගාර රැඳවියන් ඊයේ දිනයේදීම වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කොට ඇත.
මේ අතර වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියන් 300ක ගේ සිදුකළ PCR පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.