වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් 06 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
එලෙස වෛරසය ආසාදනය වී ඇති රැඳවියන් අතර කාන්තා රැඳවියන් 4ක් සහ පිරිමි රැඳවියන් දෙදෙනෙකු වනවා.
මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර සහ පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ රැස්වීමක් පැවති අතර එහිදී බන්ධනාගාර තුල කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වන බන්ධනාගාර රැඳවියන් අගුනුකොළපැලැස්ස බන්ධනාගාරයේ පිහිටි රෝහලට මාරුකොට යැවීමට තීරණය කොට ඇත. එම රෝහලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ආදිය ඉක්මනින් සපයා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ඉක්මන් වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රැඳවියන් වෙන් කොට ඔවුන්ව මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමට ද බලධාරීන් හට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් උපදෙස් ලබාදී ඇත.