අමෙරිකානු ජනාධිපතිවරණය : ජෝ බයිඩ්න් ඉදිරියට – තවත් තීරණාත්මක බළකොටු 04ක ප්‍රථිපල නිකුත් වෙයි

November 5, 2020 at 9:08 AM

තීරණාත්මක අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. එහෙත් නිකුත් වී ඇති ඡන්ද ප‍්‍රතිඵල අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත් පැහැදිලිව අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක ජය පමණයි.

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නැහැ. කෙසේවෙතත් එම ප‍්‍රතිපල ද ඉක්මනින් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ශිතයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ධූරය හිමිකර ගැනීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපල තමා දැනටමත් හිමිකරගෙන සිටින බවයි ජෝ බයිඞ්න් පවසන්නේ. එසේ වුවහොත් බයිඞ්න් ඉදිරි වසර 4 ක කාලය සදහා අමෙරිකානු මුල් පුටුව හිමිකරගනු ඇති.

එහෙත් ඉතිරි වී ඇති ඡන්ද ගණන් කිරීම නවතා දැමීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ ප‍්‍රකාශ කලා. ඒ අනුව බයිඞ්න් හමුවේ පහසුවෙන් ජනාධිපති කිරුල අතහැරීමට ට‍්‍රම්ප් කටයුතු කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි.