තල්මස් වරලේ රැඳී බේරුණු දුම්රිය (VIDEO)

November 4, 2020 at 7:49 AM

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර De Ackers මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ ධාවන පථ පර්යන්තයක් කඩාගෙන ගමන් කළ දුම්රියක් ඒ අසල පිහිටි විශාල තල්මස් මුර්තියක් නිසා සිදුවෙන්න ගිය විශාල විනාශයක් වැලකි ගොස් ඇත.

යම් හෙයකින් එම මුර්තිය එතැන නොතිබුණා නම් අඩි 32ක් දිගින් යුතු දුම්රිය පහත ඇති ජලාශයට වැටීමට ඉඩ තිබුණ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේ වුවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ සිට ඇත්තේ රියදුරා පමණක් බවයි වාර්තා වන්නේ.

Maarten Struijs නම් මුර්ති ශිල්පියා විසින් පොලියෙස්ටර් උපයෝගී කර ගනිමින් සාදන ලද මෙම තල්මස් මුර්තිය 2002 වර්ෂයේ දී ඉදි කොට ඇත.

මේ වන විට මිටර් 10ක් පමණ උසකින් රැඳී ඇති දුම්රිය සුරක්ෂිතව ඉවත් කරගැනීමේ කටයුතු සිදුකළ යුතු අයුරු ගැන මේ වන විට කටයුතු සකස් කරමින් සිට ඇත.