ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාට ඇත්තේ කුතුහලයක්. මන්ද එරට මැතිවරණ ක්‍රමය සහ මෙර්ට් මැතිවරණ ක්‍රමය අතර ඇත්තේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක් වීම ඊට හේතුවයි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක සිය ෆේස්බුක් ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරණය ගැන තබා තිබු සටහනයි මේ.
මීට පාදක වන්නේ ඇමෙරිකාවේදී ලත් මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම් මෙන්ම Washington Post & BBC නිරන්තරයෙන් ලබා දෙන යාවත්කාලින කරන ලද තොරතුරු. ඊට සමගාමීව IFES ආයතනය දැනටමත් සංවිධානය කරමින් පවතින සාකච්ජා මාලාව ඉතා ප්‍රයෝජනවත්. මේ පළමු කොටස :
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය 2020
ඇමෙරිකානු බලපෑම:
ඇමෙරිකානු ජනාධිපතිවරයා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ඇමෙරිකානුවන්ට පමණක් නොවේ අනෙක් සමස්ත ලෝක වාසින්ටද බලපායි. ඊට හේතුව ලොව බොහෝ තීරණාත්මක ක්‍රියාවලීන් පසුපස කාලාන්තරයක් තිස්සේ පවත්නා ඇමෙරිකන් බලපෑමයි. එබැවින් නොවැම්බර් 03 යනු ඇමෙරිකාවට පමණක් නොව ලෝකයට ම තීරක බලපෑමක් කරන දිනයකි. ඇමෙරිකානු ජනාධිපතිවරයා පත්කරනු ලබන්නේ සිව් වසරකට වරක්ය. සිව් වසරක පෙම්ගීතය බොඳ වූවායැයි ජනාධිපතිවරයා ගෙදර යා යුතු නැත. දෙවැනි වරටත් තරඟ කොට ජයගත හැකිය. එහෙත් ලංකාවේ ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කල පරිදිම අමෙරිකාවේද වාර දෙකකට වඩා රැඳිය නොහැකිය. බරක් ඔබාමා තව ධුර කාලයකට වැඩ කරන්නට වුවත් ශක්තියක් ඇත්තෙකි. එහෙත් පෙරකී නීතිය නිසා ගෙදර යා යුතුමය.
ද්වී පක්ෂ ක්‍රමය:
ඇමෙරිකාවේ මූලිකව ක්‍රියාත්මක දේශපාලන පක්ෂ දෙකකි. එබැවින් ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවත් ඉන් එක් පක්ෂයකට අයත් වන්නේ නිරායාසයෙනි. එක් පක්ෂයක් රිපබ්ලිකන් පක්ෂයයි. එය ඇමෙරිකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් ලෙස ප්රකටය. සමහරු එය හඳුන්වන්නේ GOP යනුවෙනි. එනම් , The Grand Old Party ලෙසය.
රිපබ්ලිකන් පක්ෂය: මෑත කාලීනව රිපබ්ලිකන් පක්ෂය ජනාදරයට මෙන්ම අනාදරයට පත්වූ තීරණ රාශියක් ඇත්තේය. හෝ ජනප්‍රියත්වය. බදු අයකිරීම පිලිබඳ ලිහිල් ප්‍රතිපත්තිය, අවි ආයුධ පරිහරණයට ඇති අයිතිය මෙන්ම සංක්‍රමණිකයන් කෙරෙහි දක්වන රළු ප්‍රතිපත්ති, ඇමෙරිකාවේ ප්‍රත්‍යන්ත ප්රදේශබදව පක්ෂය වඩාත් ශක්තිමත් කිරීමේ අනවරත උත්සහය ආදිය ඒ අතරින් ප්‍රමුඛය. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, රොනල්ඩ් රේගන් මෙන්ම රිචර්ඩ් නික්සන් වැනි ජනපතිවරුන් බිහිකිරීමේ ගෞරවය ඔවුන් සතුය.
ඩිමොක්රටික් පක්ෂය: ඇමෙරිකාවේ ලිබරල් ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරන පක්ෂය ලෙස ප්‍රකට මෙම පක්ෂයයි. සිවිල් අයිතිවාසිකම්, සංක්‍රමණික මෙන්ම දේශගුණ විපර්යාස වැනි විවාදාත්මක විෂය ක්ෂේත්‍ර තුළ ඩිමොක්රටික්වරු වඩා නිදහස් චින්තනයකින් කටයුතු කරන බව ප්‍රකට කරුණකි. ජනතාව වෙත සෞඛ්‍ය රක්ෂණය ලබාදීම මෙන්ම නගරබදව තම පක්ෂය ශක්තිමත් කල යුතුය යන අදහසින් කටයුතු කිරීම ඩිමොක්රටික් වරුන්ගේ පුරුද්දකි. ජෝන් එෆ් කෙනඩි මෙන්ම බරක් ඔබාමා වැනි නායකයන් බිහිකිරීමේ ගෞරවය ඔවුන් සතුය.
වයස්ගත නායකයන්:
තරගයට අවතීර්ණව ඇති නායකයන් දෙදෙනාම බොහෝ වයස්ගත එහෙත් දේශපාලන මෙන්ම ව්‍යාපාරික පරිචයෙන් සුසැදි අපේක්ෂකයෝය. ට්‍රුම්ප් ජයගතහොත් ධවල මන්දිරය තුළට ඔහු ගෙවදින්නේ දෙවැනි ධුරකාලය සඳහාය. දැනටමත් ඔහු තම දෙවැනි 74 වන වියේ පසුවේ. බයිඩන් ඊටත් වඩා වයස්ගතය. ඔහුගේ වයස 76 කි. ඔහු ජයගතහොත් නිසැකවම ඔහු ඇමෙරිකාවේ ජනාධිපතිධුරයට පත් පළමු වයස්ගතම ජනාධිපතිවරයා ලෙස යමෙකුට පහසුවෙන් බිඳලිය නොහැකි වාර්තාවක් තබන්නේය.
ජයග්‍රාහකයා තෝරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරන ක්‍රමවේදයට ඇමෙරිකාවේ තෝරන්නේ නැතිබව මුලින්ම දැනගත යුතුමය. ඔබ හොඳින්ම දන්නා පරිදි 50% ක් හා තවත් එක් ජන්දයක් වැඩිනම් ජනාධිපතිවරණයකදී ලංකාවේ ජනාධිපතිවරයා වීමට හැකිය. එහෙත් මෙරටේ එක් අපේක්ෂකයෙක් හෝ 50% ක් ජන්ද නොගත් කලෙක දෙවැනි හා තෙවැනි මනාප ගණන් කල යුතුය. එයනම් ටිකක් අසීරු ක්‍රියාවලියකි. ඒගැන සිතන විට ඔබට විනාඩි කිහිපයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ වගන්ති කියවිය යුතුය. එහෙමනම් ඔබ සිතිය යුත්තේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරන ක්රමවේදයත් එතරම්ම සරල නැති බවයි.
මැතිවරණ විද්‍යාල හෙවත් ඉලෙක්ටෝරල් කොලේජ්:
ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට නම් මැතිවරණ විද්‍යාල හෙවත් ඉලෙක්ටෝරල් කොලේජ් ජයගත යුතුමය. මැතිවරණ විද්‍යාල යැයි කීවිට ඔබට නියම අදහස දැනේවි යැයි මා නොසිතමි. ඒ නිසා fax එකට ෆැක්ස් යැයි කියන්නා සේ, ගුවන්විදුලියට රෙදෙව්ව යැයි නොකියා රෝඩියෝ එක යැයි කියන්නා සේ ඉලෙක්ටෝරල් කොලේජ් ලෙසම හැඳින්වීම මාගේ අදහසයි.
මොනවාද මේ ඉලෙක්ටෝරල් කොලේජ්:
ලෝකයේ හැම මැතිවරණ ක්‍රමයක් සේම ඉලෙක්ටෝරල් කොලේජ් සතුවද ඊට ආවේනික ලාභ හා අලාභ ඇත්තේය. එහෙත් ඇමෙරිකානුවන්ට මේ මැතිවරණ ක්‍රමය තවත් එක් මැතිවරණ ක්‍රමයක් නොවේ. ඊට හේතුව දේශපාලනිකව වඩා බලවත් අමෙරිකාවක් බිහිකිරීමේ ඓතිහාසික මුල් ඇත්තේ ඉලෙක්ටෝරල් කොලේජ් සතුව නිසාය. ඉලෙක්ටෝරල් කොලේජ් මඟින් ජනප්‍රිය ජන්ද නිසියාකාරව දෘශ්‍යමාන වියයුතු බව එහි ආරම්භයේ පටන් විශ්වාස කල සංකල්පයයි. එනම් වඩාත් ජනප්‍රිය තැනැත්තා මේ හරහා පෙනී යායුතු බවයි. අවාසනාවට පැණි වරකා ගසටත් හෙණ ගහපු අවස්ථා නැත්තේද නොවේ. අවසන් වරට පැවති ජනාධිපතිවරණ පහකින් දෙකකදීම ජනප්‍රිය ජන්ද හිමි අපේක්ෂකයා දිනවීමට ඉලෙක්ටෝරල් කොලේජ් අසමත් විය. හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්රුම්ප්ට් වෙතින් පරාජය වූ අවස්ථාව ඔබට මතකද? පෙරකී කතාවට හොඳම නිදසුන එයයි. එය සිදුවූයේ වසර 2016 දීය.
ජයගැනීමේ සූත්‍රය:
ඉහත කී ආකාරයට මුළු රටෙහිම ඉලෙක්ටෝරල් කොලේජ් 538 ක් පිහිටා ඇත. ඒ අනුව ජයග්‍රාහකයා ඉන් 270 ක් තම අණසකට නතුකර ගත යුතුමය. එක් එක් ජනපද රාජ්‍යය සතුව (ඉන්දියාවේ මෙන් මේවා ප්‍රාන්ත ලෙසද හැඳින්වූවාට එතරම් ගැටළුවක් නැත.එහෙත් ඊට වඩා ව්‍යුහාත්මක මෙන්ම ව්‍යවස්ථාපිත වෙනස්කම් බොහෝ ඇත) නිශ්චිත සංඛ්‍යාවක ඉලෙක්ටෝරල් කොලේජ් සංඛ්‍යාවක් ඇත. බොහෝ විට (හැමවිටම නොවේ) එම සංඛ්‍යාව තීරණය වන්නේ එකී ජනපදයේ ජනගහණය අනුවයි. ඉතා විශාල කැලිෆෝනියා ප්‍රාන්තය ඉලෙක්ටෝරල් කොලේජ් 55 ක් සඳහා හිමිකම් කියන විට ඊට වඩා බොහෝ කුඩා ජනගහණයද අඩු වියෝමින් (Wyoming) ජනපදය සතුවන්නේ ඉලෙක්ටෝරල් කොලේජ් 03 කි. අපේ රටේ ද ජනගහණයට සමාන්තරව එක් එක් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තුවේ නියෝජනය කල යුතු මන්ත්‍රී නියෝජනය වෙනස්වන බව ඔබ නොදන්නවා නොවේ.
ජයගත යුතු නියම රෙසිපිය:
මෙම ඉලෙක්ටෝරල් කොලේජ් යනු විශාල අලකලංචියක් යැයි සිතා ඔබ මොළය වෙහෙස කරගත යුතු නැත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට අපේක්ෂා කරන අයෙක් සිතිය යුතු මූලිකම කරුණක් ඇත. එනම් ජයග්‍රහණය සඳහා හැකිතාක් ජාතික මට්ටමේ ජන්ද ලබා ගත යුතු බවයි.
ලංකාවේ ජනාධිපතිවරණයේදී නම් මාතරින් එන ජන්දත්, මන්නාරමෙන් එන ජන්දත් කිසිදු වෙනසකින් තොරව අපේ අපේක්ෂකයන්ගේ මල්ලට එකතු වන්නේය. එහෙත් ඇමෙරිකාවේදී සිදුවන්නේ ජන්දදායකයා බොහෝවිට ප්‍රාන්ත හෙවත් ජනපද මට්ටමේ තරඟය තීරණය කරනවා මිසක්, ජාතික මට්ටමක් ගැන සිතීමට තරම් අවශ්‍යතාවක් මතු නොවන බවයි. නිදසුනකින්ම කියන්නේ නම් පොළොන්නරුවට වකුගඩු රෝහලක් තැනීමට අපගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පොරොන්දු වුවහොත් එය ඉටුකිරීමට ඔහුට හොඳටම අවකාශ ඇත. ඒ වගේම ජනතාව ජන්දය දිමේදීද එය සිහිතබාගෙන කතිරය සළකුණු කිරීමටද හැකිය. එහෙත් ඇමෙරිකාවේ එක් ප්‍රාන්තයක් වන ජෝර්ජියාවේ වැසියෙකුට එවැනි පොරොන්දුවකින් වැඩක් නැත. අදාළ පළාතේ ආණ්ඩුකාරවරයා ඉන්නේ බතල සිටුවීමට නොවේ. ඔය කියන ආකාරයේ වැඩ කිරීමටය. ඉතිං මෙවර පමණක් නොව ඕනෑම කලෙක ඇමෙරිකාවේ පැවැත්වෙන ජන්දයකදී එරටේ ජනපදයකට ලැබෙන තැන ගැන ඔබට දැන් පැහැදිළි ඇතැයි සිතමි.
ඔබට වැඩිදුර නොසිතා හිලරි ගැනම සිතන්න යැයි මම ආරාධනා කරමි. එවිට මා මේ කියන දේ නියමාකාරයෙන් වැටහෙන බව මට විශ්වාසයි. හිලරි ප්‍රාන්ත මට්ටමේදී ලත් ජනප්රසාදය වැඩි වුවත් ජාතික මට්ටමේදී ඉලෙක්ටෝරල් කොලේජ් සටනින් පසුබැස්සාය.
ජයග්‍රාහකයා සියල්ල අත්පත් කරගැනීමේ කලාව:
ජයග්‍රාහකයා සියල්ල අත්පත්කරගන්නවා යැයි කීවිට ඔබට සිහිවන්නේ කුමක්ද? ඔබට කුමක් සිහිවුවත් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජන්ද ගණන් කරන විට ඒ ගැනත් සිතිය යුතුව ඇත්තේය. එරටේ එනම් ප්‍රාන්ත රාජ්‍ය දෙකක ඉලෙක්ටෝරල් කොලේජ් ජන්ද ලැබෙන්නේ අවසන් ප්‍රතිපලයේදී ඉදිරියෙන් සිටින්නාට පමණි. ඒ ප්‍රාන්ත රාජ්‍ය දෙකනම් නෙබ්‍රස්කා සහ මෙයින් ය (Nebraska & Maine).
තමන්ගේ සොඳුරු පාරාදීස මත මැතිවරණ ප්රචාරයේ යෙදීම (Battleground states):
ඔබ ඇමෙරිකාවේ මැතිවරණය ගැන උනන්දුනම් ඉහත ‘බැට්ල්ග්‍රවුන්ඩ්’ කියන වචනය නිතර ඇහේවි. FOX වගේම CNN වැනි ජාත්‍යන්තර නාලිකා මේ ගැන දිනපතා විචාර ඉදිරිපත් කරනවා. මින් අදහස් වන්නේ තමන්ට ජයගැනීමට හැකියාවක් ඇති ජනපද කෙරෙහි විශේෂ අවධානයකින් මැතිවරණ ප්රචාරයේ යෙදීම. හේතුව සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත එක් පක්ෂයකට නැඹුරුව මැතිවරණ නැති කාල සමයේදී පවා කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්රදායයි. බොහෝ මෙවැනි Battlegrounds හඳුන්වන්නේ ‘Swing states’ හෙවත් දෝලනය වන ජනපද යනුවෙනුයි. ප්‍රධාන පක්ෂ දෙක අතර බොහෝදුරට එකසමානප්රමාණයෙන් ජන්දදායකයන් බෙදී සිටීම මෙවැනි ජනපදවල ස්වභාවයයි. සම්ප්‍රදායිකව දෝලනය වන ජනපද ලෙස ඇමෙරිකාවේ සැලකෙන්නේ ෆ්ලොරිඩා සහ ඔහියෝ වැනි ඒවා. ඇරිසෝනා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත තමයි මෙවර ප්‍රකට Battlegrounds ලෙස සලකන්නේ. ඇත්තටම මේ ප්‍රාන්ත අතීතයේදී සුප්‍රසිද්ධ රිපබ්ලිකන් හිතැති ප්‍රදේශ. එහෙත් දැන් දැන් ඩිමොක්රටික්වරුන්ට ඇති ලැදියාව ඉහළ යමින් තිබෙන බවයි පේන්න තියෙන්නෙ.
Photo Credit: Washington Post
මංජුල ගජනායක