අමෙරිකානු ජනාධිපතිවරණය : වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ට්‍රම්ප් කියයි

November 4, 2020 at 2:37 PM

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බවට ප්‍රකාශ කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බිඩෙන් විසින් කරන ලද මැතිවරණ වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවට ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ” අවංකව මෙම මැතිවරණය ජයග්‍රහණය කළ බවයි.”

මේ වන විටත් ජන්දය ගණන් කරමින් සිටින ප්‍රාන්ත කිහිපයක ජයග්‍රහණය තමන් සතුවන බව මෙහිදී ජනාධිපති ට්‍රම්ප් කියා සිටියා.

සිය ප්‍රතිවාදියාට එරෙහිව සිදුකළ චෝදනාවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ ට්‍රම්ප් කියා සිටියේ එය අමෙරිකානු ජනතාවට කරනු ලබන වංචාවක් බවයි.

” අපි මේ මැතිවරණය ජයග්‍රහණය කිරිමට සුදානම් වෙමින් සිටියෙමු. අවංකවම, අපි මේ මැතිවරණය ජය ගත්තා. අපට අවශ්‍ය වන්නේ නිත්‍යානුකුලව ජයග්‍රහණය කිරීමටයි. මේ ජන්දය නතර කිරිමට අවශ්‍යයි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා” යැයි ජනපති ට්‍රම්ප් කියා සිටියා.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ජන්ද දායකයින් සිය ජන්දය තැපෑලෙන් හා පෞද්ගලිකව ජන්දය භාවිතා කිරීම ජන්ද ගණන් කිරිමේ කටයුතු සිදුවෙමින් පවතී.

අමෙරිකානු ජනාධිපතිවරණයේ සජීවී තොරතුරු පහතින් :