නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 169ක් වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 18 ක් සහ ආශ්‍රිතයින් 151 දෙනෙක් එලෙස වාර්තා වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
ඒ අනුව අද දිනයේදී ආසාදිතයින් 443 දෙනෙක් වාර්තා වී තිබෙන අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,187 දක්වා ඉහළ ගොස් ඇත.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තව ඇති කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 8709ක්.
දැනට රෝහල ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6305 ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 5858ක් වේ.