STF කඳවුරු 03ක් හුදෙකලා කරයි : පාර්ලිමේන්තුව වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙක්ට කොරෝනා

November 3, 2020 at 7:30 PM

කොවිඩ් වෛරසය ආසාදනය වූ නිලධාරීන් වාර්තා වීම හේතුවෙන් කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56 දෙනෙක් ඇතුළුව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති සමස්ත නිවාස සංඛ්‍යාව 63,663ක් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණය කිරිම සඳහා සහභාගී වූ මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට කොවිඩ් ආසාදනය වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 03ක්