මිනුවන්ගොඩ පොකුරට අදට මාසයයි ආසාදිතයින් 7852. පොකුර නිවෙන්න මාස දෙකක්වත් ගතවන බවට අනාවැකි.

November 3, 2020 at 2:39 PM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදට මාසයක් ඉක්ම වෙයි.

මීට පෙර නාවික හමුදා පොකුර ,ජන්දකාඩු පොකුර වැනි පොකුරු ව්‍යාප්ත වූ නමුත් මෙම පොකුරේ ආසාදිතයින් ගණන ඊට වඩා ඉතා ඉහල ගියේය.

දින 30ක් තුල ඉන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7856කි.

මෙම පොකුර මේ වන විට යම් පාලනයක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.

මෙරට දෛනික වැඩිම ආසාදිතයින් වාර්තා වූයේද මෙම පොකුරට අදාළව නිර්මාණය වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අනුපොකුරෙනි. එය 866ක් විය.

කෙසේ වෙතත් තවත් අනුපොකුරු නිර්මාණය නොවුව හොත් මෙම පොකුර ඉදිරි දින 60ක් පමණ ගත වන විට නිවාදැමිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පවසයි.