ඇඳිරිනීති බලපත් ලැබෙන අය සහ ඔවුන්ට ඒවා ලබාගැනීමට විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංක මෙන්න

November 2, 2020 at 11:11 PM

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

එම තීරණය අද (02) පැවැති සාකච්ඡාවකදී ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, සම්පූර්ණ කරන ලද අයඳුම්පත

secetary@mws.gov.lk

යන විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකි බව ඒ මහතා පැවසීය.

විශේෂයෙන් ම ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතනවල අනුමත එමෙන්ම විවිධ කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන වලට සම්බන්ධ, ඒ වගේම වැවිලි කටයුතුවලට සම්බන්ධ කර්මාන්තශාලා ඇඳිරිනීතිය තිබෙන ප්‍රදේශවල පවත්වා ගෙන යාමට අවශ්‍යතාවයක් තිබේ නම් මෙම අයදුම්පත පුරවා යැවිය යුතුය.

මේ සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම (0719688300)

සහ

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (0718591017)

යන මහත්වරු විසිනි.

වැඩි විස්තර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යූ ඒ එල් උඩහවත්ත මහතා (0718591923)

සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියංකර සිල්වා මහතා (0718591868).