ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරිමේ බලාපොරොත්තුවක් නැහැ

November 2, 2020 at 5:27 PM

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරිමේ බලාපොරොත්තුවක් නොමැති බව පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ සඳහන්කර සිටිනවා.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමද ඉදිරියේ දී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සිදුකරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීති බලපත්‍ර සීමා කොට ඇති බවත් මහජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිදු හිගයකින් තොරව ලබාදීමට අද පැවති සාකච්ජාවේදී අවධානයට යොමුවී තිබෙනවා.