රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ආනන්ද ජය ලාල් වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කොට තිබෙනවා. ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත සිදුකළ ඉල්ලිමක් අනුවයි.
කෙසේ වුවත් එම ධුරයෙන් ඉවත් කෙරුණ වෛද්‍ය ආනන්ද ජයලාල් විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකෙරුණු ලැබුවා.
මේ එම සටහනයි,
” වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ඉල්ලීම සහ නිර්දේශය අධීක්ෂණය මත අප්‍රේල් මාසයේ සහ ජුලි මාසයේ සිට රසායනාගාර සේවාවේ වැඩ බැලීම ඉටු කලෙමි. ඔක්තෝබර් 4 වන විට 1500 කට වැටී තිබු PCR සංඛ්‍යාව අද වන්විට හැකි උපරිමය වන් 12000 දක්වා වැඩිකිරීමට අවශ්‍ය කටයුතු සම්බන්දීකරනය ඉටුකලෙමි.
පලවන රැල්ලේදී අප්‍රේල් මාසයේදී 300 ක් ව තිබු ටෙස්ට් ගනන අප්‍රේල් 17 PCR 1200 දක්වා වැඩිකිරීමට නායකත්වය දුනිමි.
පසුගිය සතියේ අපගේ පුරෝකතනය අනුව බලාපොරොත්තු වූ ආකාරයටම ඉටු කල නොහැකි සාම්පල රසායනාගාර වල එකතුවිය. එය කලමනාකාරයනයට කල යෝජනා වලට සහයක් නොලැබිනි. තම යටිඅරමුනු ඉටුකරගත නොහැකිවූ වුර්තිය සමිති නායකයින් බොරදියේ මාලු බෑමට කටයුතු කලහ. ඇති දේ නැති කර නැති දේ ඇති කරන ලදී.
අයිස් දියවී ශීත නොමැතිව තත්වය බාලවු රසායන ද්‍රව්‍ය බාර ගැනීමට බලපෑම් එල්ල විය. නවලෝක් රෝහලට මැශින් දෙකකින් 1200 ක් පුලුවන් නම් රජයේ ආයතන 27 කට එහෙම බැරි ඇයිදැයි අසා ඇත. ඒ සංගමයයේම සාමාජිකයින් ඒ රසායනාගාරවල නායකත්වය දරන හෙයින් ඔවුන් ඊට පිලිතුරු දෙනු ඇත.
MLT ලාද එහි පාර්ශවකරුවන් බැවින් ඔව්න් ද තම සංගමයට පිලිතුරු දෙනු ඇත. මගේ අදහස නම් එය කැපවී කටයුතු කල රසායනාගාර වලට කල අවමානයක් බවයි. ඒ ඒ රසායනාගාර වල ශක්තිය පවතින උපකරන වල තත්වය මම දනිමි.
ඒවා නවලෝක නොවේ. නවලෝකයේ වෘත්තීය සමිති නැත. සේවාව මුදලටය. දැනට ගෙන් ඇති පියවර සපලවී මුල්ලේරියාව 1000 ක්ද අනිකුත් ආයතන එකතුව තව 1000 – 1500 ක් ද වැඩිකරනු ඇත.
වැඩබැලීමට පත් කරන මගේ මිත්‍ර රත්නායක මහතා දිනකට 1200×27 = 32400 ඉලක්කය ඉක්මනින් සපුරනු බව මගේ විශ්වාසයයි. එසේ කර මේ වසංගතය නිමා වු දිනෙක හිනැහෙන්නට නැවත හමුවෙමු. එතෙක් නිහඬ වෙමි. අත්‍යාවශ්‍ය වුවොත් මිස මේ පිලිබඳව නැවත කතා නොකරමි.