කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
අද දිනයේ දී මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 397ක්.
මේ වන විට මිනුවන්ගොඩ ඇතිවූ කොරෝනා පොකුර අද වන විට 7582ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11060ක් වන අතර ඉන් රෝහල් ගත කර ඇති පිරිස 6134ක්.
මේ වන විට සුවය ලබා ඇති පිරිස 4905ක් වනවා.