පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයේ යෙදී සිටි මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මිට පෙර පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදී සිටි තවත් මාධ්‍යවේදියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වුවා. ඒ අනුව පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් පැවති දින දෙක තුලදී වාර්තාකරණයට පැමිණි සියලු මාධ්‍යවේදීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියේ.