මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් හී පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස කළ මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම පුවත්පත් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
මෙම මාධ්‍යවේදියා සිය නිවසේ සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
මෙම මාධ්‍යවේදියා විසින් ස්වෙච්ජාවෙන්ම PCR පරීක්ෂණයක් සිදුකොට ගෙන ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
කෙසේ වුවත් ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.