වේගය නොදුටු අනතුරු (VIDEO)

October 29, 2020 at 11:14 AM

හෝමාගම හයිලෙවල් මාර්ගයේ ගලවිලවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

වේගයෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක් වම් පැත්තෙන් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසීය.

අනතුර සිදුවන ආකාරය බස් රථයේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගත වී තිබුණා.

එම වීඩියෝව පහතින්,