ඊයේ (28) රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන් මියගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලින් ලබා ගන්නා ජෛව සාම්පල් පටල PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවත් මොවුන්ගේ මරණ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවූවක් බවටද යන්න බව අද දහවල් වන විට සැක හැර දැන ගැනීමට හැකි වනු ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.