කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල වාර්තා වන කොවිඩ් රෝගීන් බහුලවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹා යාම ගැටළුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රථිපල ලැබීම දින 03කින් ප්‍රමාද වීම හේතුවද ආශ්‍රිතයින් හඹා යාමේ කටයුතු සඳහා ප්‍රධාන ලෙස බලපා ඇති බවයි.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ජනාකීර්ණ නිවාස පෙළවල් ආශ්‍රීතව කොරෝනා රෝගීන් වාර්තාවීම් සිදුව ඇති බවත් තත්ත්වය ඉතා අසතුටුදායක මට්ටමක පවතින බවද මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
PCR පරීක්ෂණ වාර්තා ලැබීමේ ප්‍රමාදයක් ඇතිවීමට මුලික හේතුව ප්‍රධාන වශයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන PCR යන්ත්‍රයක් හදිසියේ අක්‍රිය වීම නිසා බවට දැනගන්නට ලැබූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති බවට වාර්තා වූ බවත් එම තත්ත්වය මගහරවා ගැනිමට වහාම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි මෙහිදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.