නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 414ක් වාර්තා වේ. එයින් 62ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු ආසාදිතයින් 352ක් පළමු ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9619ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5458ක් වනවා. දැනට පුර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 4142ක් වනවා.
මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ මෙම කොරෝනා පොකුරේ මේ වන විට වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 6145ක් වනවා.