සෞඛ්‍ය අංශ සඳහා සහයවනු පිණිස යුද හමුදා ක්ෂණික යතුරුපැදි බලගණය විසින් මහජනතාවගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ කටයුතු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පසුගිය දින කිහිපය පුරාවට ක්‍රියාත්මක කරනු ලැබු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එම යුද හමුදා යතුරුපැදි බලගණය විසින් මේ දක්වා පුද්ගලයින් 25,000ක් පමණ පරික්ෂා කොට ඉන් 100 දෙනෙක් පමණ රෝහල් කරා යොමු කොට ඇති බවයි එම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.