තවත් කොරෝනා රෝගීන් 124ක් : රෝහල් ගතව ඇති සිටින සමස්ත ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

October 28, 2020 at 10:53 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 124 දෙනෙකු වාර්තා වේ. මෙම පිරිසෙන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද අනෙක් ආසාදිතයින් 106 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රීතයින් වනවා. මේ වන විට අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 335ක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9205ක් වනවා. එම පිරිසෙන් මේ වන විට ආසාදිතයින් 4075ක් සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 5111ක් වනවා.