ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට පැමිණෙයි

October 27, 2020 at 8:52 PM

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද දින රාත්‍රී 7.35 ට නිල සංචාරයක් සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ කාලසටහන පහත පරිදි වේ.

ජනාධිපති කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමුවීම.

විදේශ ඇමති සමඟ ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වීම.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෞරව දැක්වීම සඳහා කොළඹ කොච්චිකාඩ් පල්ලියේ සංචාරය කිරිම.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට දහවල් වන විට මාලදිවයිනට පිටත්ව යාමට නියමිතය.