නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
වර්තමානයේ රට තුල සිදු කෙරෙන කොරෝනා මර්දන ක්‍රියාන්විතය හමුවේ අතිශය තීරණාත්මක අඛණ්ඩ විදුලිබල සැපයුමකින් ජාතික පද්ධතිය බලගැන්වීමටත්, පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීමටත් විදුලිබල අමාත්‍යාංශය සෑම පියවරක්ම ගන්නා බවත්, රටම බලගන්වන එකී මහඟු ජාතික කර්තව්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ සියලු ආයතනයන්හි සහෝදර සේවක පිරිසට තම ස්තුතිය පිරිනමන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.