දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ සභාපති ලී කුන් හී මහතා අභාවප්‍රාප්ත වීඇත.
මිය යන විට 78 වැනි වියේ පසුවූ ඔහු එරට ධනවත්ම පුද්ගලයින් අතර වන අයෙකි.
1987 වසරේ සැම්සුන් සමාගමේ වගකීම ඔහු මත පැවරෙන්නේ 1938 වසරේ එම සමාගම පිහිටවූ ඔහුගේ පියාගේ අභාවයත් සමගිනි.
2008 වසරේදි වරක් ඔහු එම සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වූයේ බදු සම්බන්ද චෝදනාවක් එල්ල වීමෙනි.
නමුත් 2010 දී යලි ඔහු සභාපති ධූරයට පත් විය.
2014 වසරේ අසනීප තත්වයක් ඇතිවූ පසු ඔහු ක්‍රියාකාරී ලෙස කටයුතු කලේ නැත.