කොස්ගම ප්රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත.
දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත.
මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ තරුණයා සොයාගනු ලැබුවේ එම සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයි.