ගිනි ගත් නෞකාවේ කපිතාන්ට රු. මිලියන 12ක දඩයක්

October 14, 2020 at 2:58 PM

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා එම සිදුවීම වලක්වා නොගැනීම සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගෙනඇත.

කොළඹ මහාධිකරණය ඒ අනුව ඔහුට රු. මිලියන 12ක දඩයක් නියම කළේය.

මීට අමතරව නෞකාව අයත් සමාගම වෙතින්ද තවත් රු.මිලියන 200ක් වන්දි අපේක්ශා කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනු ම් දුන්නේය.