හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර පාසල් ළමුන් 30 දෙනෙකු ද වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සදහන් කළා. අද උදෑසන හැටන් පොඩයිස් හරහා ඩයගම දක්වා ධාවනය වූ එම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ පොඩයිස් වත්ත ප්රදේශයේදීයි. එම බස් රථය අඩි 25 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා