හැම අවුරුද්දකම සැප්තම්බර්, ඔක්තෝබර් මාසවල සාහිත්‍ය ලෝලීන්ගෙ ඇඟට දැනෙන්නෙ හරියට පොඩි කාලෙ අවුරුදු එනවා කිව්වම දැනෙනවා වගේ හැඟීමක්.නෑදෑයො බලන්න ගිහින් ලැබුණු තෑගිත් අරන් ගෙදර එනවා වගේ තමයි අලුතෙන් පොත් අරන් ගෙදර යද්දි.
කොළඹට තමයි ඉතින් සාහිත්‍ය මාසෙ ඉර පායන්නෙ.
පොත් ප්‍රදර්ශන, වට්ටම්, සාහිත්‍ය උත්සව, සාහිත්‍ය කතිකා, පොත් එළිදැක්වීම් හැමතැනම.
ඒත් මේ සාහිත්‍යයේ දීප්තිමත් සූර්යාලෝකය අපේ රටේ ඈත පළාත් වල බොහෝම දුෂ්කර ගම්මාන වලට නම් එලිය දෙන්නෙ හරිම අඩුවෙන්. පොතක් පතක් කියවන්න ලැබෙන පහසුකම අඩු නිසා ඒ මිනිස්සුන්ගෙ ලෝකෙට මොකද්දෝ අහිමි වීමක් තියනවා. හිස් තැනක් තියනවා. එයාලගෙ පරිකල්පන හැකියාව අඩුවෙලා, එකම තැනක හිරවුනු ගතියක් දැනෙනවා. මේ අය ලඟ සමහරවිට ස්මාර්ට් ෆෝන් ඇති. ඒත් පොතක් කියන්නේ අපිව වෙනමම ලෝකෙකට ගෙනියන මැජික් එකක්. ඈත ගම්වල පුරවැසියො හරියට පරඬැල් වගේ ඔහේ ජීවත් වෙලා යනවා. ඒ මිනිස්සුන්ගෙ දරුවන්ටත් ඒ වගේම ජීවිතයක් උරුම කර නොදී නව ලෝකයක් පෙන්නන එක අපේ යුතුකමක්.
මේ කතන්දරේදි අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සෑහෙන අවබෝධයක් තියනවා කියලා පේනවා.ඒක පැහැදිළි වෙන්නෙ පාවිච්චියෙන් ඉවත් කරපු රජයේ බස් රථ 25 ක් පාසල් පුස්තකාල විදියට හදලා ඈත ගම් වල ඉස්කෝල වලට පරිත්‍යාග කරන්න ගත්ත තීරණයෙන්.
මේ වැඩේදි පෙරමුණට එන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් එකයි මොබිටෙල් එකයි. මොකද මේ බස් පුස්තකාල නිකම්ම පොත් පුරවපු බස් නෙවේ. බොහොම ලස්සනට අලුත්වැඩියා කරලා තියන බස් වලින් කියවන පහසුකමට අමතරව වයි ෆයි හරහා ඇහිපිල්ලමක් ගහන වේගෙන් ලෝකයේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා ලෝකයේ දැනුම් ගබඩාවන් පීරන්න පහසුකමත් ගම්බද දරුවන්ට ලැබෙනවා.
මේ වගේ වැඩකදි ටෙලිකොම් එක තමයි ඉතින් එක.
රටේ පහසුකමක් නොලැබෙන පැත්තක ළමයි වෙනුවෙන් තමන්ගෙ ආයතනික දායකත්වය දෙන්න ගත්ත තීරණයම ටෙලිකොම් එකේ සමාජ වගකීමට හොඳ උදාහරණයක්. ටෙලිකොම් එක මේ කරන්නෙ ඉතාමත් හොඳ ආයෝජනයක්. අපේ රටේ අනාගත පරම්පරාවට අඩුවක් නැතුව ඊ සාක්ෂරතාවය ලබාගන්නත් එයාලගෙ දැනුම් පිපාසය සන්සිඳුවන්නත් ඔවුන් කරන මේ කැපවීමට අනිවාර්ය ගෞරවයක් හිමිවිය යුතුයි.
අනිත් කාරණේ ග්‍රාමීය දරුවන් වෙනුවෙන් පොත් එකතුකිරීමේ වැඩසටහනක් ටෙලිකොම් එකෙන් දියත් කරලා තියනවා. මේ වෙද්දි හැම ටෙලිකොම් කාර්යාලයකම පොත් පරිත්‍යාගශීලීන්ට කියවපු පොතක් හරි අලුතෙන් ගත්ත පොතක් හරි බාරදෙන්න පහසුකම තියනවා. ඒත් මේ ගම්බද ඉස්කෝල දරුවන් වෙනුවෙන්ම තමයි.
ලෝකෙ නවීනතම තාක්ෂණයන් එක්ක ගණුදෙනු කරන ආයතනයක් විදියට තමන්ගෙ ලාභය ගැන විතරක් හිතන්නෙ නැතුව රට එකට තියලා, රටේ ළමයි ගැන හිතන ටෙලිකොම් එකට මුළු මහත් ජාතියේම ආචාරය පුදකළ යුතුයි.
රටේ අස්සක් මුල්ලක් නෑරම මහා දැනුම් ගංගාවකට ගලාගෙන යන්න පාර හදන ටෙලිකොම් එකට කවදාහරි අනාගතේ දවසක ඒ ගංගාවෙන් පෝෂණය උනු සාරවත් හිත් වල ආශිර්වාදය හිමිවේවි.