කඩා වැටුණු ගොඩනැගිල්ලේ අයිතිකාර හිටපු නිළමේ ඉදිකිරීම් ආයතනයකින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි (VIDEO)

September 26, 2020 at 11:14 AM

කඩා වැටුණු බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු, හිටපු බස්නායක නිළමේ වරයෙක් වන අනුර ලෙව්කේ මහතා සඳහන් කර තිබෙන්නේ එදින සිදුවූ අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් තමා මානසික පීඩනයට පත්ව සීටි බවත් එබැවින් අදාළ නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් පුද්ගලික ආයතනයක නමක් වැරදි ලෙස සඳහන් කර ඇති බවත්ය.

තවද තමන් අදාළ ආයතනයෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එම ආයතනයට සමාන නමකින් යුතු වෙනත් ආයතනයක් එම ගොඩනැගිල්ල ඉදි කළ බවයි ඔහු වැඩි දුරටත් දන්වා තිබෙන්නේ.